රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ උමතු ක්‍රියාකලාපයට එරෙහිව පෙත්සම

letter_head.png

 

ස්වාමීන් වහන්ස/සහෝදරයා/සහෝදරිය

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ උමතු ක්‍රියාකලාපයට එරෙහිව පෙත්සම

පසුගිය කාලය පුරාවටම රුහුණ විශ්වවිද්‍යාලය සමාජයේ කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබුණි. ඒ විශ්වවිද්‍යාලය මගින් සිදුකරන ලද නව පර්යේෂණක් නිසා හෝ නව නිර්මාණයක් නිසා නොව සුජීව අමරසේන උපකුලපතිවරයා විසින් සිසුන් ඉලක්ක කරගෙන සිදු කරනු ලැබූ දැවැන්ත මර්දනය නිසාවෙනි. එමෙන්න විශ්වවිද්‍යාල සිසුන් ලෙස අපටද මෙම උපකුලපතිවරයාගේ උම්මත්තක වැඩපිලිවෙලට එරෙහිව අකණ්ඩව සටන් කිරීමට සිදු විය.
රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස සුජීව අමරසේන මහතා හිටපු ජනාධිපතිවරයා විසින් පත් කර වසරක කාලයක් ඉක්මවා ගොස් ඇති අතර එම කාලය තුල සිසුන් විශල පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි කරමින්, සිසුන් සිරගත කරමින්, සිසුන් නේවාසිකාගාර වලින් එලියට ඇද දමමින්, සංස්කෘතික වටිනාකම් සහිත සිසු නිර්මාණ විනාශ කරමින් දැවැන්ත මර්දනයක් සිසුන් වෙත මුදාහරිමින් ඇත. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියොජිතයෙකු විශ්වවිද්‍යාලයට පැමිණීම හේතු කොටගෙන මහා ශිෂ්‍ය සංගමයේ සභාපති-ලේකම් සහෝදරවරුන්ට ජීවිතාන්තය දක්වා ශිෂ්‍යභාවය අහෝසිකිරීම් ලබාදුන් අතර මානව ශාස්ත්‍ර පීඨයේ දෙවන වසර ඉගෙනුව ලබන ශිෂ්‍යයෙකු තමා නවක වදයට ලක් වූ බව සදහන් කරමි සිදුකල මාධය සාකච්ඡාවක් පදනම් කර ගනිමින් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සහෝදරවරුන් 19 දෙනෙකු දින 100ක් ඉක්මවා සිරගත කරනු ලැබීය.නමුත් මේ වන විට අදාල සිසුවට එවැනි ශාරීරික හෝ ලිංගික නවකවදයක් සිදුව නොමැති බවට අධිකරණ වෛද්‍ය වාර්තාව මගින් තහවුරු වී ඇත. (ඇමුණුම 01) එමෙන්ව කලමණාකරන  පීඨයේද, තාක්ෂණ පීඨයේද කිසිදු විධිමත් චෝදනාවක් හෝ නොමැතිව සිසුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කර ඇත. වෛද්‍ය පීඨයේ ප්‍රථම වසර  සිසුන් තිදෙනෙකුගේ නේවාසිකාගාර තහනම් කර ඇත්තේ සවස 6 පසුවී නේවාසිකාගාරයට පැමිණි බව පවසමිණි. නවක වදය ලෙස හුවා දක්වමින් අත්තනෝමතික ලෙස සිදු කර ඇති මර්දන අවස්ථා ගණන 300ට ආසන්න වී ඇත.

එමෙන්ම විශ්වවිද්‍යාලයේ තිබූ වසර ගණනාවක් පැරණි සිසුන්ගේ නිර්මාණ දහස් ගනණක් අඩංගු වූ කැටපත් පවුර මේ වන විට මෙම උම්මත්තක උපකුලපතිවරයා විනාශ කර දමා ඇත. නිදහස් අධ්‍යාපනය දිනාගැනීමේ අරගලයේදී මිය ගිය සිසුන් සිහිකිරීම සඳහා ඉදිකල විරු සිසු ප්‍රතිමාව මේ වන විට ඉවත් කර ඇත. විශ්වවිද්‍යාලය තුල සිසුන්ට එකතු වී සාමූහික ක්‍රියාකාරකම්වල යෙදීමට, කතා කිරීමට පමණක් නොව නිදහසේ සිතීමටවත් නොහැකි එලිමහන් සිරගෙයක් බවට රුහුණ සරසවිය පත්කර ඇත.

මේ වන විට උපකුලපතිවරයා විශ්වවිද්‍යාලයේ කීර්තිනාමයට  හානි කරමින් ගෙන යන මෙම වැඩපිලිවෙල නිසා ශිෂ්‍ය, ආචාර්ය, අනධ්‍යන සේවක යන සියළු පාර්ශව් අතර විශාල විරෝධයක් ගොඩනැගී ඇත. මෙම අත්තනෝමතික උමතු ක්‍රියාකලාපය විශ්වවිද්‍යාලයකට සුදුසු නොවන අතර එමගින් සිදුවන්නෙ විශ්වවිද්‍යාලය පරිහානියට පත්වීමය. උපකුලපතිවරයෙකුගේ කාර්ය භාරය වන්නේ විශ්වවිද්‍යාලය දියුණු කිරීමට කටයුතු කිරීමයි. ඒ සදහා සිසු, ආචාර්ය අනධ්‍යන සේවකයන්ගේ සහයෝගය ලබා ගැනීමයි. සිසුන්ට අභූත චෝදනා නගමින්, විශ්වවිද්‍යාලයේ සංස්කෘතික වටිනාකමක් ඇති සම්පත් විනාශ කරමින්, විශ්වවිද්‍යාල ප්‍රජාව භේද කරමින් මොහු ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන්  විශ්වවිද්‍යාලයේ කීර්තිනාමයට දැඩි හානියක් සිදුවන බැවින් මොහුගේ මෙම අත්තනෝමතික උමතු ක්‍රියාකලාපට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් ලෙස අප පෙලගැසිය යුතුය. සුජීව අමරසේන උම්මත්තක උපකුලපතිවරයාගේ මෙම මර්දනයට එරෙහිව සිදුකරන online පෙත්සමට අත්සන් යොදා ඔබගේ විරෝධතාවය දක්වන ලෙස ඉල්ලා සිටිමු .

මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය

 

ඹබත් අත්සන් තබා රුහුණ රැක ගැනීමට එක් වන්න


මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය    Contact the author of the petition

Sign this Petition

By signing, I authorize මහා ශිෂ්‍ය සංගමය - රුහුණ විශ්වවිද්‍යාලය to hand over the information I provide on this form to those who have power on this issue.

We will not display your email address publicly online.

We will not display your email address publicly online.








Paid advertising

We will advertise this petition to 3000 people.

Learn more...